2020 ජුලි 11 වන සෙනසුරාදා

නේපාලයටත් එම්.සී.සී. එපා වෙලා

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 279

I දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකාවෙන් මෙන්ම නේපාලයෙන්ද ඇමෙරිකානු එම්.සී.සී. ගිවිසුමට අනුමැතිය ලැබී නැතැයි වාර්තාවෙයි. ඇමෙරිකානු රජය දකුණු ආසියාවෙන්ම එම්.සී.සී. ගිවිසුම ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවට හා නේපාලයට පමණි. දෙරටේම ආණ්ඩු සහ පාර්ලිමේන්තු මෙම ගිවිසුම වසර 4ක් තිස්සේ අනුමත කර නැත්තේ එහි පවත්නා බරපතළ යෝජනා හේතුවෙන් බව වාර්තා වෙයි.

ඒ අනුව ලබන 14දායින් පසු ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම අත්හිටුවනු ඇත. ඉදිරියේදී ලන්ඩනය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, පකිස්ථානය, මැදපෙරදිග, මාලදිවයින සහ තවත් යුරෝපා රටවල් ගණනාවකින් මෙරටට සිරවී සිටින්නන් ගෙන ඒමට සැලසුම්කර තිබිණි.

දැනට මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ මදිවීමත් කන්දකාඩු රැඳවියන් හා ඔවුන්ගේ පවුල්වල අයද නිරෝධායනය කළයුතු බැවින් ගුවන් මගීන් ගෙන ඒම මෙසේ අත්හිටුවා තිබේ. මෙලෙස විදේශවලින් ගෙන්වන තැනැත්තන්ගෙන් නිරෝධායනය සඳහා කිසිදු මුදලක් අය නොකෙරෙන අතර හෝටල්වල නිරෝධායනය වන අය පමණක් ඊට මුදල් ගෙවිය යුතුය.