2020 ජුලි 11 වන සෙනසුරාදා

වත්කම් බැරකම් ප්‍රකාශ නොදෙන මන්ත්‍රීවරුන්ට මැතිසබේ තහනම්

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

I දේශපාලන වාර්තාකරු

ඉදිරි මහ මැතිවරණයෙන් තේරීපත්වන මන්ත්‍රීන් නාමයෝජනා භාරදී මාස තුනක් ඉක්මවීමට පෙර සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුනහොත් ඔවුනට මන්ත්‍රීවරයකු ලෙස මැතිසබයේ අසුන්ගෙන ක්‍රියා කිරීමට කිසිදු නීතිමය ඉඩක් නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මෙවර මහ මැතිවරණයට ඡන්ද අපේක්ෂකයන් 8700ක් පමණ ඉදිරිපත්ව සිටිති. ඔවුන් අතරින් 225 දෙනෙක් මන්ත්‍රීවරු ලෙස තේරීපත් වෙති. ඔවුන් මන්ත්‍රී ධූරයට පත්වූ පසු කඩිනමින් වත්කම් බැකරම් ලබාදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද සභාපතිවරයා කීය.