2020 ජුලි 04 වන සෙනසුරාදා

ජන්ද පෙට්ටි රකින්න පක්ෂ නියෝජිතයනුත් දාන්න - පොදුජන පෙරමුණු ලේකම්

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 29

I දේශපාලන වාර්තාකරු

මෙවර මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සිදුවන්නේ මැතිවරණයට පසුදා බැවින් මැතිවරණ දිනයේ රාත්‍රියේ ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ සමඟ පිළිගත් දේශපාලන පක්ෂ නියෝජිතයන්ටද රැඳී සිටීමට අවසර දෙන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මැතිවරණ කොමිසමෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

ඡන්දය ප්‍රකාශ කෙරෙන ඡන්ද මධ්‍යස්ථානවල සිට ඡන්ද ගණන් කිරීම සිදුවන ස්ථාන දක්වා ඡන්ද පෙට්ටි රැගෙන ආපසු ඡන්ද ගණන් කෙරෙන මොහොත දක්වා මෙලෙස ඡන්ද පෙට්ටි ආරක්ෂා කළ යුතු බවද පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා දේශයට කීය. එසේ නොවුණහොත් ඡන්ද ප්‍රතිඵලයෙන් පසුව ජයග්‍රාහී පක්ෂවල ජයග්‍රහණ හෑල්ලු කිරීමේ අරමුණින් යමෙකුට අභූත චෝදනා නැගීමට ඉඩ ඇතැයි පෙන්වා දුන් ලේකම්වරයා තම පක්ෂයේ යෝජනාව මැතිවරණ කොමිසම මගින් පිළිගනු ඇතැයි අපේක්ෂා කරන වගද පැවසීය.