2020 ජුලි 04 වන සෙනසුරාදා

ජනතා සහන වළක්වන නීති-අණපනත් අහෝසියි

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 22

I දේශපාලන වාර්තාකරු

රටේ දැනට ක්‍රියාත්මක වන යල් පැන ගිය නීති සහ අණපනත් ලිහිල්කොට ජනතාවට සහන සැලසීමට රජය තීරණය කර තිබේ.

ලබන අගෝස්තු මාසයේ නව රජයක් බලයට පත්වූ පසු විශේෂ කාර්යසාධන මණ්ඩලයක් මගින් මෙම කටයුත්ත මෙහෙයැවීමට දැනටමත් අවශ්‍ය මූලික කටයුතු සංවිධානය කර ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.
සාමාන්‍ය ගණන් බැලීම අනුව දැනට රටේ අණපනත් 1000ක් (දහසක්) පමණ ක්‍රියාත්මකය. එයින් 125ක් ක්‍රියාත්මක කළ යුත්තේ ප්‍රාදේශීය ලේකම්වරුන් (උප දිසාපතිවරුන්) විසිනි. සෙසු දෙපාර්තමේන්තු සහ ආයතන මගින් ඉතිරි අණපනත් ක්‍රියාත්මක කෙරේ.

අණපනත් ලිහිල් කොට ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළ ජාත්‍යන්තර වශයෙන් මෑතකදී ක්‍රියාත්මක කළේ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයකු වන ටෝනි බ්ලෙයාර්ය. ඔහු 1997 වසරේදී ජනතාවට පීඩා කළ අණපනත් 3000ක් පමණ එකවර අහෝසි කර විකල්ප විධිවිධාන සංවිධානය කළේය. එම ආදර්ශය අනුව අණපනත් ලිහිල් කිරීමටත් දූෂණය හා වංචාව වැළැක්වීමට අන්තර්ජාල තාක්ෂණය බහුලව උපයෝගී කර ගැනීමත් රජයේ සැලසුමයි.