2020 ජුනි 13 වන සෙනසුරාදා

පොහොට්ටුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නෑ

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

I දේශපාලන වාර්තාකරු

අගෝස්තු මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් විශේෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් නොකෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා කීය.

ඒ වෙනුවට පසුගිය ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයම මෙවරද ජනතාව වෙත ඉදිරිපත් කරන්නේ යැයි හෙතෙම සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මහ මැතිවරණයේදී මහා ප්‍රචාරක රැලි වෙනුවට ආසන මට්ටමේ සම්මන්ත්‍රණ සංවිධානය කර ඇතැයි වාර්තා වේ. ඒවා සඳහා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සහභාගී වෙයි. එකවරකට සීමිත පිරිසක් ගෙන්වා විශේෂ ශාලාවක හෝ ඇවුරුමක නියමිත සෞඛ්‍යාරක්ෂක නීති රීති අනුව මෙම සම්මන්ත්‍රණ සංවිධානය කෙරෙන බව එහි මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා දේශයට කීය.

ඒ හැර ජනතාව දැනුම්වත් කිරීම සඳහා ගෙන් ගෙට යෑම ඇතුළු තවත් ප්‍රචාරක කටයුතු ගණනාවක්ද සංවිධානය කර ඇතැයි ලේකම්වරයා කීය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01