2020 ජුනි 06 වන සෙනසුරාදා

තන්තිරිමලේ ලංකාදීප පොසොන් අලෝක පූජාව මෙවරත්

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 86

විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් වාර්ෂිකව පවත්වන ලංකාදීප පොසොන් ආලෝක පූජාව 17 වැනි වරටත් අනුරාධපුර තන්තිරිමලේ රජමහා විහාරයේදී පසුගිය 5දා (පොසොන් පෝ දින) සහ 6 වැනිදා පැවැත්විණි.

තන්තිරිමලේ රජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වුණු ආලෝක පූජා උත්සවය 5දා සවස ආරම්භ කෙරුණේ විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. අෂ්ටඵලරුහ බෝධීන් වහන්සේ ඇතුළු පුදබිම විදුලි බුබුලු දහස් ගණනකින් ආලෝකමත් කිරීම මෙහිදී සිදුවිය.

මෙම පින්කමට සමගාමීව දහම් පාසල් ළමුන් 600කට පමණ නිල ඇඳුම් ප්‍රදානය කිරීමටද සැලසුම් කර තිබේ. පවත්නා ඇඳිරි නීති තත්ත්වය අනුව එම කටයුතු සුදුසු පරිදි ක්‍රියාත්මක කෙරෙන බව සංවිධායක මණ්ඩලය පවසයි.

මෙම පින්කම් කොරෝනා අවදානම නිසා සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි නිරෝධායන නීතිවලට යටත්ව චාම් අයුරින් සංවිධානය කර තිබුණි.

සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන වැඩම කිරීමේදී නවාතැන් ගත් ස්ථානයක් ලෙස පූජනීයත්වයට පත් තන්තිරිමලේ අනුරාධපුර යුගයට අයත් නටබුන්, සෙල්ලිපි, ශෛලමය ප්‍රතිමා සහිත රජමහා විහාරයකි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01