2020 ජුනි 06 වන සෙනසුරාදා

කොරෝනා අස්සේ සතුන් වත්තක්

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 379

I දේශපාලන වාර්තාකරු

වනසතුන් බහුල රජරට තලාව ප්‍රදේශයේ සහ පිළියන්දල සතුන් වතු දෙකක් ඉදිකිරීම සඳහා රජයේ එක්තරා ඇමැතිවරයකු ආණ්ඩුවෙන් අවසර ඉල්ලා ඇතැයි දේශයට වාර්තාවෙයි.

තලාව ප්‍රදේශයේ කැලෑබද ඉසව්වක අක්කර 50ක පමණ භූමියක් යොදාගෙන සතුන්වත්ත ඉදිකිරීම ඇමැතිවරයාගේ යෝජනාවයි. දැනට දෙහිවල - රඹුක්කන  සහ මිරිජ්ජවිල සතුන් වතු තුනක් පිහිටුවා තිබේ. එයින් ඇතැම් සතුන්වතුවල කටයුතු පවා සම්පූර්ණ වී නොතිබියදී තලාවේ සතුන් වත්තක් ඉදිකිරීමට යාම ගැන රජය තුළින්ම අදාළ අමාත්‍යවරයාට දැඩි විරෝධයක් මතුවෙමින් පවත්නා බව දැනගන්නට ඇත. එසේම දෙහිවල ප්‍රධාන සත්ව උද්‍යානය තිබියදී පිළියන්දලට කිසිසේත්ම සතුන් වත්තක් අවශ්‍ය නොවන බවද මේ සම්බන්ධව විරෝධය පළකරන පිරිස් රජයට දන්වා ඇත.