2020 ජුනි 06 වන සෙනසුරාදා

ෆිනෑන්ස් කොම්පැණි චක්‍රලේඛය වහාම වෙනස් කරන්න - අගමැති මහබැංකු ප්‍රධානීන්ට කියයි

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 338

I දේශපාලන වාර්තාකරු

ෆිනෑන්ස් කොම්පැණිවල මුදල් තැන්පත් කරන්නන්ගේ තැන්පතුවලින් රුපියල් ලක්ෂ 6ක මුදලකට පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව වග කියන බවට වන චක්‍රලේඛය වහා වෙනස්කොට ජනතා විශ්වාසය ඇතිවන ලෙස ක්‍රියාකරන ලෙස මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහබැංකු ප්‍රධානීන්ට නියම කළේය.

ද ෆිනෑන්ස් සමාගමේ අර්බුදය ගැන සාකච්ඡාවකට මහ බැංකු අධිපතිවරයා සහ එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද භාණ්ඩාගාර ප්‍රධානීන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී අගමැතිවරයා මෙම නියමය කළේය.

වසා දමා ඇති ද ෆිනෑන්ස් සමාගමේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් 1,45,000ක් පමණ වෙති. ඔවුන් රුපියල් කෝටි 2600 (බිලියන 26) පමණ එහි තැන්පත් කර ඇත. එහෙත් මහ බැංකුව මෙහිදී පෙන්වා දී ඇත්තේ දැනට රුපියල් කෝටි 1,100ක් (බිලියන 11) පමණක් ගෙවිය හැකි බවය. එසේ වුවහොත් තවත් රුපියල් කෝටි 1500 (බිලියන 15)ක හිඟයක් ඇතිවෙයි. මේ ආකාරයට මූල්‍ය සමාගම් අඩාල වීමට ඉඩනොදී වහා ජනතාවට යුක්තිය ඉටුකරන ලෙස අගමැතිවරයා මහ බැංකු ප්‍රධානීන්ට දැන්වීය.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00