2020 ජුනි 06 වන සෙනසුරාදා

සමගි ජනබලවේගයේ විශේෂ මහ සමුඵව ලබන 10 වැනිදා

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 29

I දේශපාලන වාර්තාකරු

සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වන ඡන්ද අපේක්ෂකයන් 291 දෙනා ලබන 10 වැනි බදාදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට කැඳවා විශේෂ වැඩමුළුවක් පවත්වන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

මහ මැතිවරණයට මුහුණ දෙන ආකාරය එහිදී භාවිතා කළයුතු උපක්‍රම සහ වත්මන් දේශපාලන තත්වය පිළිබඳව මෙම වැඩමුළුවේදී දැනුවත් කරන බව වැඩිදුරටත් හෙතෙම කීය.

සිය පක්ෂය මහමැතිවරණය සඳහා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයද මේ වනවිට සකසා අවසන් බවත් එය ඉදිරි දිනක ආරම්භ වන ප්‍රචාරන මෙහෙයුම් උත්සවයේදී ඉදිරිපත් කරන බවත් ඒ මහතා සඳහන් කළේය.