2020 ජුනි 06 වන සෙනසුරාදා

අපේක්ෂකයකු නොවූ ජීවන් ඡන්ද නීති කැඩුවේ කොහොමද? - පොහොට්ටු ලේකම්

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 33

I දේශපාලන වාර්තාකරු

ජීවන් තොණ්ඩමන් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද අපේක්ෂකයකු ලෙස නාමයෝජනා අත්සන් කිරීමට පෙර සිදුවූ සිය පියාගේ අවමංගල්‍යයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ ප්‍රශ්නයක් පැන නොනගින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා දේශයට පැවසීය.

පක්ෂය විසින් ඔහු අපේක්ෂකත්වයට තෝරාගෙන ඇතත් මේ දක්වා ඔහුගේ නම නාමයෝජනා ලේඛනයට ඇතුළත් කර නැතැයි පසුගිය සිකුරාදා අප කළ විමසුමකට පිළිතුරු ලෙස මහ ලේකම්වරයා කීය.

ඊට අදාළ ලේඛන තම පක්ෂ කාර්යාලයට ලැබුණේ ගිය බදාදා (3දා) බවත් ඉදිරි දිනවලදී එම යෝජනාව මැතිවරණ කොමිසමට භාරදෙන බවත් ඔහු කීය.

එම තත්ත්වය තුළ ඡන්ද අපේක්ෂකයකු නොවන තෙක් මැතිවරණ නීති උල්ලංඝනය කළා යැයි කීම තමන් ප්‍රතික්ෂේප කරන්නේ යැයිද ඔහු වැඩිදුරටත් කීය.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01