2020 ජුනි 06 වන සෙනසුරාදා

ගිරාගම නිරෝධායන සුද්දෝ කට්ටියක් රෑට එළියේ

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 32

විදේශ රටවල සිට මෙරටට පැමිණ සිටි විදේශිකයන් පිරිසක් නිරෝධායන නීතිය යටතේ නිරෝධායනයට ලක් කරමින් මහනුවර ගිරාගම ගුරු අභ්‍යාස මධ්‍යස්ථානයේ රඳවා සිටියදී එම අය අතරින් ඇතැමුන් රාත්‍රී කාලයේ එම මධ්‍යස්ථානයෙන් පිටතට පැමිණ අවට නගරවල සැරිසරන බවට ගම්වාසීන් විසින් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත පැමිණිලි කර තිබේ.

මෙලෙස නිරෝධායන මධ්‍යස්ථානයෙන් සූක්ෂමව පිටතට එන ඇතැමුන් අවට කුඩා නගරවල සැරිසැරීම ඉතාම අවදානම් තත්ත්වයක් බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත පැමිණිලි කිරීමෙන් අනතුරැව ඒ සම්බන්ධව පළාත් ආණ්ඩුකාරවරයාද විශේෂ අවධානයක් යොමුකර ඇත.

මේ සම්බන්ධව පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගෙන් විමසූ විට ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ මේ පිළිබඳව සොයාබැලීම සඳහා අදාළ අංශ දැනුවත් කළ බවත් ලැබුණු පැමිණිලි විමර්ශනය කරමින් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා මගින් අවශ්‍ය පියවර ගන්නා බවත්ය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01