2020 මැයි 30 වන සෙනසුරාදා

රනිල් අස්කරයි: සජිත් බෑ කියයි

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 360

I දේශපාලන වාර්තාකරු

එ.ජා.ප.ය සිය කෘත්‍යාධිකාරී මණ්ඩලය සිකුරාදා පෙරවරුවේ රැස් කළේය. ඊට සමගාමීව සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස හිතවාදීහු වෙනම එ.ජා.ප. කෘත්‍යාධිකාරියේ තම කණ්ඩායම සමඟ සිටින සාමාජිකයන්ගේ හමුවක් පැවැත්වීය.

එ.ජා.ප. කෘත්‍යාධිකාරියේදී සජිත් පිල සමග එක්වූ මැති ඇමැතින්ට එරෙහිව විනය පියවර ගන්නට ගත් තීන්දුව අනුමත කළේය. එහෙත් සමගි ජල බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ එ.ජා.ප. කෘත්‍යාධිකාරිය අනුමත කළ තීන්දුව අනුව තමන් නව සන්ධානය ගොඩනැගූ බවයි. එසේම රනිල් වික්‍රමසිංහ මහතා සමග සිටින්නේ පක්ෂ කෘත්‍යාධිකාරියේ සාමාජිකයන්ගෙන් 28 දෙනෙක් බව පැවසූ ඔහු සජිත් ප්‍රේමදාස මහතා සමග එ.ජා.ප. කෘත්‍යාධිකාරියේ 37 දෙනෙක් සිටින වගද පැවසීය. එනිසා බහුතරය ඇත්තේ තම කණ්ඩායම සමග බැවින් රනිල් පිල ගන්නා තීන්දු වලංගු නොවන බවද ඔහු කීය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01