2020 මැයි 30 වන සෙනසුරාදා

වාර්තා තැබූ මහින්දගේ 50!

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 20

දේශපාලන වාර්තාකරු I

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතයට මේ සතියේ වසර 50ක් සම්පූර්ණ විය. 1970 මැයි මස 27 දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් බෙලිඅත්ත ඡන්ද කොට්ඨාසයට තරග කළ රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 23103කි.

ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂක එ.ජා.පයේ දොස්තර රන්ජිත් අතපත්තු මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 16477කි. වැඩි ඡන්ද 6626 බෙලිඅත්ත අසුනට ශ්‍රී.ල.නි.පයෙන් තේරී පත්වූ මහින්ද රාජපක්ෂ එම පාර්ලිමේන්තුවේ ලාබාලම මන්ත්‍රීවරයා විය.

1977 සිට කෙටි කලක් පාර්ලිමේන්තුව නියෝජනය නොකළ හෙතෙම අනතුරුව මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ සියලුම උසස් පදවි දැරූ දේශපාලනඥයෙක් ලෙස වාර්තා පොතට එක්විය. මන්ත්‍රීවරයකු, ඇමැතිවරයකු, විපක්ෂ නායකවරයකු, අගමැතිවරයකු හා ජනාධිපතිවරයකු ලෙස මහින්ද රාජපක්ෂ තැබූ වාර්තාව මෙරට කිසිදු දේශපාලනඥයකු විසින් මෙතෙක් තබා නැත.

1970 මැයි 27දා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මහින්ද රාජපක්ෂ මහතා 1970 ජූනි මස 07දා පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයකු ලෙස දිවුරැම් දී ආරම්භ කළ දේශපාලන ගමනේදී ජය පරාජය සම සිතින් විඳගත් නායකයකු ලෙස ද මෙරට දේශපාලන වාර්තා පොතට එක්වෙයි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01