2020 මැයි 30 වන සෙනසුරාදා

තොණ්ඩමන්ගේ අවමඟුල අද රාජ්‍ය අනුග්‍රහයෙන්

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

දේශපාලන වාර්තාකරු I

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද දින (31 ඉරිදා) සවස 3.00ට නෝර්වුඩ් ක්‍රිඩාංගණයේදී සිදුකෙරේ. මෙම අවමඟුල් උත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකෙරේ. ඒ සඳහා රජය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ දේශපාලන නායකයන් රැසක් සහභාගී වෙති.

පසුගිය අඟහරුවාදා රාත්‍රියේ හදිසියේ අභාවප්‍රාප්ත වූ අමාත්‍ය තොණ්ඩමන් මහතාගේ දේහයට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් අවසන් ගෞරව දක්වන ලදහ. ඉන් අනතුරුව රම්බොඩ වැවන්ඩන් වත්තේ නිවසටත් කොටපොල නිවසටත් ගෙන එන ලද දේහය අවසන් කටයුතු කෙ‍රෙන තෙක් එහි තැන්පත් කර තැබෙයි.