2020 මැයි 30 වන සෙනසුරාදා

සජිත්ගේ පක්ෂයෙන් මැ.කෝට යෝජනාවලියක්

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 31

I ගයාන් ගාල්ලගේ

එළැඹෙන මැතිවරණය කුමනාකාරයකින් පැවැත්විය යුතුද යන්න පිළිබඳ යෝජනාවලියක් සමගි ජනබලවේගය විසින් මැතිවරණ කොමිසමට බාරදීමට නියමිතව ඇතැයි එම එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා දේශයට පැවසීය.

පවතින වාතාවරණය හමුවේ මැතිවරණය පැවැත්විය යුතුද නැද්ද යන්නත්, පවත්වනවා නම් ඒ කෙසේද යන්නත් මේ යෝජනාවලිය හරහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ඒ මහතා කීය.

එම වාර්තාව එළඹෙන සතියේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට බාරදීමට නියමිතව ඇත.