2020 මැයි 30 වන සෙනසුරාදා

තොණ්ඩමන්ගේ ඇමැති පදවිය මහින්දට පවරයි

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 22

I දේශපාලන වාර්තාකරු

ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයා අභාවප්‍රාප්ත වීමෙන් පසුව හිස්වූ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යධුරය මහ මැතිවරණය හමාර වනතෙක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන සඳුදා එම අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත.

ඒ අතර තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස් වූ නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ අපේක්ෂක ලැයිස්තුවට ඒ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන ජීවන් තොණ්ඩමන් මහතා ආදේශ කිරීමට එම සන්ධානය තීරණය කර ඇතැයි සඳහන් වේ.