2020 මැයි 30 වන සෙනසුරාදා

මහ ඡන්දය දින දෙකකදී?

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 381

හසිත් අංජන I

පවත්නා නිරෝධායන නීතිවලට අනුකූලව මහ මැතිවරණය පැවැත්විය යුතු බැවින් එක ළඟ දින දෙකකදී ඡන්දය පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසම කරුණු සලකා බලමින් සිටින බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය. ඡන්ද පෙට්ටි සහ ඡන්ද මධ්‍යස්ථාන කොතරම් ප්‍රමාණයක් වැඩිකළ යුතුද යන්න මෙතෙක් තීරණයක් ගෙන නැතැයි පැවසූ හෙතෙම ඒ පිළිබඳව කඩිනම් තීරණයක් ගන්නා බවද කීය.

ඡන්ද  විමසන කාලසීමාව දීර්ඝ කිරීමට සිදුවිය හැකි බවත් එය දීර්ඝ කරන්නේ පැයකින්ද දෙකකින්ද යන්න බව ඉදිරියේදී තීන්දු කරන බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මැතිවරණයට අදාළ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් වහාම ඡන්ද දිනය ප්‍රකාශයට පත් කරන බවත්, සමාජ දුරස්ථභාවය ඇතිව විධිමත් ලෙස ඡන්දය පැවැත්වීම ගැන සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව තීරණ ගැනීමට මැතිවරණ කොමිසම අපේක්ෂා කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.