2020 මැයි 23 වන සෙනසුරාදා

නඩු තීන්දුව දී දවස් 70 කින් ඡන්දය

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 551

හසිත් අංජන I

මීළඟ මහ මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කරනු ලබන්නේ දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදුකෙරෙන නඩු සම්බන්ධයෙන් තීන්දුව ලබාදීමෙන් පසුව බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා දේශයට කීය. මහ මැතිවරණ දිනය ගැන අප වැඩිදුරටත් විමසූ විට ඔහු සඳහන් කළේ නඩු තීන්දුව ප්‍රකාශ කරන දිනය සිට දින 70ක් තුළ ඡන්දය පවත්වන බවයි.

ඒ මහතා සඳහන් කළේ මහ මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන සියලුම නිලධාරීන්ගේ ආරක්ෂක පිළිබඳව අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු බවත් මෙවර මැතිවරණ රාජකාරී සඳහා යොදාගන්නා නිලධාරි සංඛ්‍යාව වැඩි කිරීමට බොහෝදුරට සිදුවනු ඇති බවත් මැතිවරණ වියදම ඉහළ යනු ඇති බවත් සමන් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01