2020 මැයි 23 වන සෙනසුරාදා

වැලිසර පැතිරීම අමෙරිකාවේ වගෙයි තවත් පැතිරෙන්න පුළුවන් - වෛද්‍ය සුදත් සමරවීර

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

චමිඳු නිසල් ද සිල්වා I

වැලිසර කඳවුර විශාල හමුදා ජනපදයක් නිසාවෙන් ඒ තුළ තවදුරටත් කොරෝනා රෝග ව්‍යාප්තිය සිදුවිය හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා දේශයට පැවසීය.

වැලිසර නාවික හමුදා කඳවුර තුළ රෝග ව්‍යාපෘතිය සිදුවන්නේ යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රජාව අතර වෛරසය පැතිර ගිය ආකරයට බවත් ඊට හේතුව අප්‍රේල් 21 වැනිදා පළමු රෝගියා හමුවන අවස්ථාව වනවිට කඳවුර තුළ වෛරසය පැතිර ගොස් තිබීම බවත් වෛද්‍ය සුදත් සමරවීර මහතා පැහැදිලි කළේය.

වැලිසර කඳවුර තුළ රෝගය කාගෙන් කාහට පැතිර යන්නේදැයි යන්න හඳුනාගත නොහැකි වන අතර වෙන්කර තැබීම් සිදුවන්නේ නීරෝගී පිරිස් ආරක්ෂා කරගැනීමට වෙනුවෙන් බවද වෛද්‍යවරයා පැවසීය. එසේ නමුත් ප්‍රජාව තුළ වෛරසය පැතිර ගොස් ඇති නිසා වෛරසය පාලනය ටිකෙන් ටික සිදුවන බවද වෛද්‍ය සමරවීර මහතා තවදුරටත් පැහැදිලි කළේය.