2020 මැයි 23 වන සෙනසුරාදා

සමගි ජන බලවේගයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක්

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 31

දේශපාලන වාර්තාකරු I

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය මහ මැතිවරණය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරන බව එහි මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට කීය. ඡන්දය ප්‍රකාශයට පත් කළ සැණින් එම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන බවද ඔහු සඳහන් කළේය.

නව කොරෝනා රෝගය නිසා කඩාවැටුණු ආර්ථිකය නැවත ගොඩ නැගීම නිෂ්පාදනය ඉලක්ක කරගත් ආර්ථික වර්ධනය සහ අපනයන දිරිගැන්වීමේ නව යෝජනා ගණනාවක් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් වන බවද ඔහු පැවසීය.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය සැකසීමේ කටයුතු දැන් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා විශේෂ කමිටුවක් පත්කර තිබෙන බවත් ඔහු වැඩිදුරටත් කීය. තමන්ට අමතරව පාඨලී චම්පික රණවක, ඉමිටියාස් බතීර් බාකර්, කබීර් හෂීම්, තිස්ස අත්තනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් ගණනාවක් මෙම කමිටුවට ඇතුළත් වෙති.