2020 මැයි 23 වන සෙනසුරාදා

ජිම් 3000ක් කොරෝනාවෙන් හබක්

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 130

දේශපාලන වාර්තාකරු I

දිවයින පුරා ක්‍රියාත්මක වන කාය වර්ධන මධ්‍යස්ථාන (ජිම්) 3000ක් පමණ කොරෝනා වසංගතය නිසා වැසී ගොස් ඇතැයි කාය වර්ධන මධ්‍යස්ථාන හිමිකරුවන් රජයට පැමිණිලි කර තිබේ.

මේවායේ සේවය කරන සේවකයන් 15000ක් පමණ රැකියා විරහිතභාවයට පත්ව සිටිතියි ද ඔවුහු සඳහන් කරති.
සෞඛ්‍ය අංශ වෙතින් තවමත් කායවර්ධන මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසරය නොලැබීම නිසා කායවර්ධන මධ්‍යස්ථාන ව්‍යාපාරික වශයෙන් කඩා වැටී තිබෙන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. 

මේ ගැන රජයට ලැබුණු පැමිණිලි සලකා බැලූ කොරෝනා කාර්ය සාධන බලකාය ජිම් හිමිකරුවන්ගේ ව්‍යාපාරික මධ්‍යස්ථාන ලෙස මුලින් ආරම්භ කරන ලෙස උපදෙස් දී තිබේ. ඉදිරි සති දෙක තුළ කොරෝනා රෝග ව්‍යාප්තිය ගැන ලැබෙන දත්ත විෂ්ලේශනය කර ලබන ජූනි මාසය මැද භාගයේදී කායවර්ධන මධ්‍යස්ථාන නැවත ආරම්භ කිරීමට අදාළ සෞඛ්‍යමය නිර්දේශ ලබා දෙන බවද කායවර්ධන බලකාය ජිම් හිමිකරැවන්ට ප්‍රතිඥා දී තිබේ.