2020 මැයි 16 වන සෙනසුරාදා

ජනපතිට මුදල් ලබාගත හැකි අතුරු සම්මත ගිණුමක් හදයි

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 373

I ව්‍යාපාරික වාර්තාකරු

ලබන ජූනි මස සිට ඉදිරි මාස 4ක් සඳහා රාජ්‍ය වියදම් වෙනුවෙන් අතුරු සම්මත ගිණුමකින් ජනාධිපතිවරයාට මුදල් ලබාගත හැකි වන ලෙස නව අතුරු සම්මත ගිණුමක් මුදල් අමාත්‍යංශය විසින් සකස් කරමින් පවතී.

එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ලැබී ඇති නීතිපති උපදෙස් මත මෙම කටයුතු සිදුකෙරෙන බවය. රටේ විසර්ජන පනතක් (අයවැයක්) ක්‍රියාත්මක නොවන මෙවන් මැතිවරණ පසුබිමකදී අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් ලබාගැනීම සඳහා අතුරු සම්මත ගිණුම් මගින් මුදල් ලබාගෙන මැතිසබය නැවත රැස්වූ විට ඒවා නීත්‍යානුකූලව පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීම පිළිගත් ක්‍රමය බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.