2020 මැයි 16 වන සෙනසුරාදා

කොරෝනා සහනයට බිලියන 30ක්

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 39

I ව්‍යාපාරික වාර්තාකරු

කොරෝනා වසංගතය නිසා පීඩාවට පත් ජනතාව සඳහා මැයි මාසයේදී සහනාධාර මුදල් ගෙවීමට රුපියල් කෝටි 3000ක් (බිලියන 30ක්) පමණ වැයවන බව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා දේශයට පැවසීය.

මෙම ආධාර හිමිවන්නේ වැඩිහිටි දීමනා ලබන්නන්, වැඩිහිටි දීමනා සඳහා පොරොත්තු ලේඛනයේ සිටින්නන්, ආබාධිතයන්, වකුගඩු රෝගීන් සහ රැකියා අහිමි වූ තැනැත්තන්හටය. මෙම කෝටි 3000ට අමතරව මෙරට සමෘද්ධිලාභී පවුල්වලට තවත් රුපියල් කෝටි 5000 (බිලියන 5ක්) පමණ වැයවන බව මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා දේශයට පැවසීය. මෙම ආධාර මුදල් දෙවර්ගයම එකතු කළ විට මාසිකව රජය ලබාදෙන සහනාධාර සඳහා රුපියල් කෝටි 3500ක් (බිලියන 35ක්) පමණ වැයවන බවද ඔහු ප්‍රකාශ කළේය.