2020 මැයි 16 වන සෙනසුරාදා

කොරෝනා පරීක්ෂණ ආණ්ඩුව අල කළා - හිටපු එජාප මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 92

I හසිත් අංජන

කොවිඩ්-19 රෝගීන් හඳුනාගැනීම සඳහා සිදුකෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ නිශ්චිත අංකනයකට ගෙන ඒමට සෞඛ්‍ය අංශ අපොහොසත් වී ඇත්තේ වත්මන් ආණ්ඩුවේ නිසි වැඩපිළිවෙළක් නොමැති වීම හේතුවෙන් බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා දේශයට කීය.

වසංගතය මෙරටදී හඳුනාගත් මුල් අවදියේදී වත්මන් රජය එය පිළිබඳ නොසැලකිලිමත් බවින් යුතුව කටයුතු කරන ලද්දේ මහ මැතිවරණය ඉලක්ක කරගෙන බවත් එබැවින් ජනජීවිතය අඩාල වූ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

කොවිඩ්- 19 හමුවේ කඩාවැටී ඇති ආර්ථිකය යළිත් ගොඩනැගීමට වත්මන් ආණ්ඩුව සතුව තවමත් නිසි වැඩපිළිවෙළක් නොමැති බවටද මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කළේය.