2020 මැයි 16 වන සෙනසුරාදා

රජය හිතුමතේ රට විවෘත කිරීම ජනතාව අමාරුවේ දැමීමක් - ජවිපෙ හිටපු මන්ත්‍රී නලින්ද ජයතිස්ස

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

I හසිත් අංජන

රට විවෘත කිරිමේදී සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් උපදෙස් අනුගමනය නොකරමින් රජයට වුවමනා පරිදි රට විවෘත කිරීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යාම තුළින් යළිත් වරක් රට සහ ජනතාව ආණ්ඩුව විසින් අසරණ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණෙහි කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා දේශයට පැවසීය.

රජයට අවශ්‍ය වන්නේ හැකි ඉක්මණින් මහ මැතිවරණය පවත්වා බලය ලබාගැනීම බවත් ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ වගකීමෙන් රජය ඉවත්ව ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. කොවිඩ්-19 වසංගතය මෙරට තුළ යම්තාක් දුරට පාලනය කර ගැනීමට හැකිවූයේ සෞඛ්‍ය අංශවල කැපවීම නිසා බවත් මේ වනවිට සෞඛ්‍ය අංශවල උපදෙස්වලට අනුගත නොවෙමින් වත්මන් රජය කටයුතු කරන බැවින් සෞඛ්‍ය අංශද අපහසුතාවට පත්ව ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.