2020 මැයි 16 වන සෙනසුරාදා

වෛද්‍ය උපදෙස් මත කඩිනම් තීන්දුවක් ගන්න - ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 29

I දේශපාලන වාර්තාකරු

දිගින් දිගටම මැතිවරණය කල්යෑම මන්ත්‍රී ධුර අපේක්ෂකයන්ට තවදුරටත් දරාගෙන සිටීම අපහසු බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා දේශයට පැවසීය.

එහෙත් වෛද්‍ය උපදෙස් අනුව මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසම විසින් තීන්දුවක් ගතයුතු යැයිද ඔහු වැඩිදුරටත් කීය.

කොරෝනා වෛරසය ඉක්මණින් රට රටවලින් තුරන් වේ යැයි සිතීම අසීරු නිසා ඒ සමඟ අනාගතයේදී ජීවත්වීමට ජනතාව උගත යුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය. කොරෝනා විපත නිසා ජනතාව මහජන නියෝජිතයන්ගෙන් දිගින් දිගටම සහන අපේක්ෂා කරන බවත් ඊට දොස් කිව නොහැකි නමුත් එම ඉල්ලීම් දිගුකාලයක් ඉටුකිරීම අපහසු බවත් හෙතෙම පැවසීය.