2020 මැයි 16 වන සෙනසුරාදා

ඡන්දෙන් පස්සෙ මහපුටු පෙරළියක්?

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

I දේශපාලන වාර්තාකරු

ඉදිරි මහ මැතිවරණය හමාර වූ සැණින් රාජ්‍ය සංස්ථා මණ්ඩල හා ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන ගණනාවක මුල්පුටු වෙනස් වීමට ඉඩ ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනයටත් එහිදී ජනතාවට සහ ව්‍යාපාර සමාගම් ආදියට සහන සැලසීමට රජය ගත් තීරණ නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම මෙයින් ඇතැමෙකුට එල්ල වී තිබෙන චෝදනාවයි. ජනතා සහන ප්‍රමාද කිරීම වැරදි ආකාරයට නීති ආර්ථකථනය කොට වැඩ පමා කිරීම ඇතුළු කාරණා ගණනාවක් නිසා රාජ්‍ය ආයතන ප්‍රධානීන් සෑහෙන ප්‍රමාණයක් ඉවත් කිරීමට හෝ ස්ථාන මාරු කිරීම්වලට ලක්විය හැකි බව රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. මෙහි එක් පියවරක් ලෙස පසුගියදා අමාත්‍යංශ 7ක පමණ ලේකම්වරැන්ට ස්ථාන මාරැ ලබා දී තිබිණි.