2020 මැයි 09 වන සෙනසුරාදා

ඇඳිරිය කොළඹට ගම්පහට පමණයි!

 2020 මැයි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 434

දේශපාලන වාර්තාකරු I

දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේත් වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇඳිරි නීතිය ලබන සතිය මැද සිට ඉවත් කිරීමට ඉඩ ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

මෙම දිස්ත්‍රික්ක දෙකේ කොරෝනා ව්‍යාප්තිය පාලනය වීමත් අනතුරුදායක තත්ත්වය පහව යෑමත් නිසා එම දිස්ත්‍රික්ක දෙක සාමාන්‍ය කටයුතු සඳහා විවෘත කරන ලෙස රජයට ඉදිරිපත් වූ යෝජනාව ගැන මේ සතිය තුළ තීන්දුවක් ගැනීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

මෙම දිස්ත්‍රික්ක දෙකේ ඇඳිරි නීතිය ඉවත් කළහොත් දිගටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ පමණි. එය තවත් සති කිහිපයක් (කොරෝනා තත්ත්වය සමනය වනතෙක්) ක්‍රියාත්මක කෙරෙනු ඇත.