2020 මැයි 09 වන සෙනසුරාදා

ව්‍යවස්ථා සභාව සඳුදා රැස්වෙයි

 2020 මැයි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

දේශපාලන වාර්තාකරු I

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් ලබන 11 (සඳුදා) සවස 4.00ට කතානායක නිල නිවසේදී පැවැත්වෙයි.

හිටපු කතානායක කරු ජයසූරිය මහතා ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස එම රැස්වීම කැඳවා තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ නායකයන් හා සිවිල් සංවිධාන නියෝජිතයෝ මෙම හමුවට එක්වෙති. මහ මැතිවරණයක් සඳහා මැතිසබය විසුරුවා හැර ඇති අවස්ථාවක වුවද අවශ්‍ය රාජ්‍ය තීරණ ගැනීමට ව්‍යවස්ථා සභාවට රැස්වීමට බලය තිබේ.