2020 මැයි 09 වන සෙනසුරාදා

කොරෝනාවට බෙහෙත් හොයන්න ලෝක නායකයන්ගෙන් ඩොලර් මල්ලක්

 2020 මැයි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

කොවිඩ් 19 වෛරසය සඳහා එන්නතක් හෝ ප්‍රතිකාරයක් සොයාගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක මූල්‍යාධාරයක් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදීමට ලෝක නායකයන් කැමැත්ත පළකර තිබේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමය මගින් සංවිධානය කරන ලද අන්තර්ජාල රැස්වීමට රටවල් 40ක පමණ නායකයන් සම්බන්ධ වූ අතර ඉන් රටවල් 30ක පමණ නායකයන් මූල්‍යාධාර සැපයීමට එකඟත්වය පළකර තිබේ. ඒ අනුව යුරෝපා සංගමය යුරෝ බිලියනයක්ද, ප්‍රංශය යුරෝ මිලියන 500ක්ද, සෞදි අරාබිය, ජර්මනිය සහ ජපානය යුරෝ මිලියන 800 බැගින්ද නෝර්වේ රාජ්‍යය ඇමෙරිකානු ඩොලර් මිලියනයක්ද, ලබාදීමට එම අවස්ථාවේදීම කැමැත්ත පළකළ අතර ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව, ඉතාලිය ඇතුළු රටවල්ද මූල්‍යාධාර ලබා දීමට එකඟත්වය පළකර ඇත. මෙම සාකච්ඡාවට අමෙරිකාව සහ රුසියාව සහභාගී වී නොමැත.

මූල්‍යාධාර ලෙස ලැබෙන මුදලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.4ක් එන්නත් සොයා ගැනීම සඳහාද, බිලියන දෙකක් ඖෂධයක් සොයා ගැනීම සඳහාද, ඩොලර් බිලියන 1.6ක් වෙනත් පර්යේෂණ සඳහාද යොදා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.