2020 මැයි 02 වන සෙනසුරාදා

පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීන්ට අගමැතිගෙන් සඳුදා කැඳවීමක්

 2020 මැයි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 63

I දේශපාලන වාර්තාකරු

විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නියෝජනය කළ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ සියලු මන්ත්‍රීන් අරලියගහ මැඳුරට කැඳවා විශේෂ රුස්වීමක් පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීන්දු කර ඇත.

ලබන සඳුදා පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව සංවිධානය කර ඇත්තේ රටේ පවත්නා කොරෝනා අර්බුදය ගැන ජනතාව දැනුම්වත් කිරීම ආණ්ඩුවේ වගකීමක් ලෙස සලකමින් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

කොරෝනා රෝගය ගැන රජය ගෙන ඇති පියවර අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂ ප්‍රධානීන් මෙහිදී විස්තර කරනු ලබන අතර විපක්ෂ මන්ත්‍රීන්ට තිබෙන ප්‍රශ්න ගැන මෙහිදී ඔවුනට අදහස් උදහස් ප්‍රකාශ කිරීමටද අවස්ථාව සලසා තිබේ.