2020 මැයි 02 වන සෙනසුරාදා

පාන් බනිස් මිල ඉහළට? - බේකරි සංගම් සභාපති

 2020 මැයි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 103

I යසවර්ධන රුද්රිගු

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා පාම් ඔයිල් සඳහා අසාධාරණ ලෙස බදු වැඩි කිරීම නිසා ඉදිරියේදී බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන දේශයට පැවසීය.

පාම් ඔයිල් කිලෝවක් සඳහා මුලදී ආණ්ඩුව රුපියල් 200ක ආනයන බද්දක් පනවා තිබූ අතර පසුගිය සතියේ සිට තවත් රුපියල් 100ක් බදු වශයෙන් අයකරන බව හෙතෙම කියා සිටී. රටේ අයහපත් තත්ත්වයක් පවතිද්දී යළිත් වරක් හදිසියේ මෙලෙස බදු ඉහළ නැංවීම පිළිබඳ කිසිදු හේතුවක් නොදන්නා බවද ඔහු කියයි.

පොල්තෙල් මිල ඉහළ යාම නිසා බේකරි නිෂ්පාදනවලට පාම් ඔයිල් පාවිච්චි කිරීමට බේකරි හිමියන් යොමුවී ඇති අතර සාමාන්‍යයෙන් කිලෝවක් රුපියල් 200කට මිල වන පාම් ඔයිල් රුපියල් 300ක බද්ද සමඟ දැන් අලෙවි වන්නේ කිලෝව රුපියල් 500කට පමණ වන බවද හෙතෙම පෙන්වා දෙයි. ලීටර් 18-20 ප්‍රමාණයේ තෙල් කෑන් එකක් දැනට රුපියල් 9000-10000ත් දක්වා මිල ඉහළ නැග තිබීමෙන් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් විශාල අමාරැවක වැටී තිබෙන බවද ඔහු පවසයි.

විශේෂයෙන් පාම් ඔයිල් පාවිච්චි කෙරෙන්නේ කෙටි කෑම සඳහා වන අතර, මේ හේතුවෙන් එවැනි කෑමවලද මිල ඉහළ නැංවීමට සිදුව තිබේ.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01