2020 මැයි 02 වන සෙනසුරාදා

යූඇන්පියෙන් ගිය අයට විනය පියවර ගන්නවා - අකිල විරාජ් / තේරුමක් නැති වැඩක් - රන්ජිත් මදදුමබණ්ඩාර

 2020 මැයි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 41

හසිත් අංජන I

එක්සත් ජාතික පක්ෂය හැර වෙනත් පක්ෂ සමග එක්වූ සියලු දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතු එළඹෙන කෘත්‍යාධීකාරී මණ්ඩල හමුවේදී තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා දේශයට කීය.

මහතා වැඩිදුරටත් පැවසුවේ රට තුළ පවතින මෙම කොවිඩ්- 19 වසංගත තත්ත්වය හමුවේ එම ක්‍රියාමාර්ග ගැනීම කල්ගිය බවත්  එළඹෙන සතියේදී කෘත්‍යාධීකාරී මණ්ඩල හමුවේ මේ පිළිබද තීරණය කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවත්ය. 
එක්සත් ජාතික පක්ෂයේ බහුතරය සමගි ජන බලවේගය සමග එක් වී ඇති බවත් එලෙස එක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට කෘත්‍යාධීකාරී මණ්ඩලයේ සමාජිකයන් බහුතරයක් නොමැති බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා දේශයට පැවසීය.

කෘත්‍යාධීකාරී මණ්ඩලය නියෝජනය කරන බහුතරයක් පිරිස අද වනවිට සමගි ජන බලවේගය සමග එක් වී සිටින නිසා එම මන්ත්‍රීවරැන්ට විරැද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීම පදනමක් නොමැති කරුණක් බවද ඔහු කීය.