2020 මැයි 02 වන සෙනසුරාදා

කොළඹ වතුවල ජනතාවට සති දෙකක් කෑම රජයෙන්

 2020 මැයි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 30

I දේශපාලන වාර්තාකරු

කොළඹ නගරයේ දැනට වසා දමා තිබෙන වතු සහ විශේෂිත ප්‍රදේශවල රැඳී සිටින ජනතාවට දෙසතියක කාලයක් තුළ ආහාරපාන සැපයීමට ආරම්භක වශයෙන් රුපියල් හැට ලක්ෂයක මුදලක් කොරෝනා සහන සැලසුම් කාර්යසාධන බලකාය විසින් වෙන්කර තිබේ.

කොළඹ නගරයේ වතු හා වසා දැමූ සෙසු ගම් ප්‍රදේශවල රැඳී සිටින පිරිස 4,000ක් පමණ වන බව රජයේ වාර්තා කියයි. මේ අයට ආහාර පානවලට අමතරව මූලික සෞඛ්‍ය පහසුකම් සැපයීමටද රජය වැඩපිළිවෙළක් සකසා ඇත.