2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

ලංකාව ගොඩගන්න ඩොලර් කෝටි 200 ක් ඕනෑ - ආචාර්ය පී.බී. ජයසුන්දර

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 364

I ව්‍යාපාරික වාර්තාකරු

කොරෝනා වසංගතයෙන් අඩාල වී තිබෙන ආර්ථිකය ගොඩගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 200කවත් විදේශ මූල්‍ය ආධාර ශ්‍රී ලංකාවට අවශ්‍ය බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා දේශයට පැවසීය.

ආර්ථිකයේ ක්ෂේත්‍ර ගණනක් නගා සිටුවීමට මෙන්ම විදේශ ණය පියවීම ඇතුළු කරුණු ගණනාවක් රජයට ඉටු කිරීමට තිබේ. දැනට විදේශ රාජ්‍යවලින් හා දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් ලබාගත් පෞද්ගලික ණය සියල්ල එකතු කළවිට මේ වසරේ ඩොලර් මිලියන 3200ක පමණ ණය පියවීමට ඇත.

දැනටමත් ඇතැම් රටවල් හා සංවිධාන වලින් ණය පියවීම සඳහා සහන කාලයක් ඉල්ලා ඇති අතර ලෝක බැංකුව ඩොලර් මිලියන 200 පමණ ආධාර සපයන බවට ප්‍රතිඥා දී ඇතැයි ආචාර්ය ජයසුන්දර මහතා කීය. තවත් විදේශ රටවල් හා සංවිධාන ගණනක් ශ්‍රී ලංකාවට ආධාර සැපයීමට ඉදිරිපත්ව ඇතැයිද ලේකම්වරයා කීය.