2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

නාමයෝජනා අහෝසියේ කතාව බොරුවක් - ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 870

හසිත් අංජන I

පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක කාලයක් තුළ එය නැවත කැඳවීමට නොහැකි වුවහොත් දැනට කැඳවා තිබෙන නාම යෝජනා අහෝසි වන බවට පැතිර යන මතයෙහි කිසිදු නීතිමය සත්‍යතාවයක් නැතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්බන්ධ නීති විශාරදයකු වන ජනාධිපතී නීතිඥ මනෝහර ද සිල්වා මහතා දේශයට පැවසීය.

අප්‍රේල් මස 25 වැනිදාට පැවැත්වීමට තිබූ මහමැතිවරණය කොරෝනා වසංගත තත්වය හමුවේ දින නියමයක් නැතුව කල්දැමුණද පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 113 වගන්තිය යටතේ නැවත මැතිවරණය පවත්වන දිනය දැනුම් දීමට ජනාධිපතිවරයාට බලයක් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් කියා ප්‍රකාශ කළේය.