2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

පාලන මිලට බඩු දෙන්න බැහැ - වෙළෙඳ සංගම් ලේකම්

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 441

යසවර්ධන රුද්රිගු I

පරිප්පු, සැමන් සහ ලොකු ලූනු ආදි උපරිම සිල්ලර මිල සීමා පනවා ඇති ආහාර ද්‍රව්‍ය කිසිවක් එම මිල ගණන්වලට අලෙවි කළ නොහැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් ජී.එස්. ඉලෙයිමනාදන් පවසයි. ඔහු පවසන්නේ හොර රහසේ නොව තම සාමාජිකයන් මිල සීමා නොසලකා විවෘතව එම ද්‍රව්‍ය අලෙවි කරන බවය.

ඔහු පවසන්නේ වැඩි මිලට අලෙවිකෙරුවා යැයි චෝදනා කරන අය කළ යුතු වන්නේ ඒ වෙනුවට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සැපයීම පිළිබඳ වෙළෙඳුන්ට ප්‍රශංසා කිරීම සහ භාණ්ඩ හිඟයකින් තොරව සැපයීම පිළිබඳ වෙළෙඳුන්ට ප්‍රශංසා කිරීම වගය.

මයිසූර් පරිප්පු කිලෝව රුපියල් 150කට වැඩියෙන් මෙන්ම බී ලූනු කිලෝව රුපියල් 300-400කට වුවද මිලදි ගැනීමට පාරිභෝගිකයා සූදානම් බව ඔහු කියයි. එම භාණ්ඩ හිඟයක් තිබෙනවාට වඩා කීයට හෝ ගන්න තිබෙනවානම් එයට සතුටු බව පාරිභෝගිකයා පවසන බවද ඔහු අවධාරණය කරයි. කෙසේ වුවද තමන් කිසිවිටකත් අසාධාරණ මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි නොකරන බවද ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.