2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

ඉන්දියාව වසා දැමීමෙන් මෙරට රතු ලූනු, පරිප්පු හිඟයක්

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:31 347

ව්‍යාපාරික වාර්තාකරු I

ඉන්දීය රජය දින 21ක කාලයක් තුළ සම්පූර්ණයෙන්ම රට වසා දමා ඇති නිසා එරටින් ශ්‍රී ලංකාවට ආනයනය කරන ප්‍රධාන ආහාර ද්‍රව්‍ය ගණනාවක් සපයා ගැනීම සම්බන්ධයෙන් රජය දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටී.

ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන පරිප්පු, රතුලූනු, අර්තාපල්, මිරිස් හා ඇතැම් තුනපහ ද්‍රව්‍ය හිඟයක් නිර්මාණය වීමට ඉඩ ඇතැයි පිටකොටුව තොග වෙළෙඳ අංශ ප්‍රකාශ කරයි. ඉන්දියාවෙන් මෙම ද්‍රව්‍ය නොසැපයෙන අවස්ථාවල කැනඩාව හා තර්කය යන රටවලින් පරිප්පු හා රතුලූනු ආදිය ආනයනය කළ හැකි වුවත් කොරෝනා වසංගතය නිසා එම රටවලින්ද ආහාර ද්‍රව්‍ය ආනයනය කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි රජය පවසයි.

එසේම තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට සැමන් ටින් සපයා ගැනීමද ගැටලුවක් වී තිබේ. කොළඹ තොග වෙළෙඳ සංගමය මේ සතියේ ඒ ගැන තායිලන්තයෙන් කළ විමසුම්වලදී සැමන් සැපයුම කළ නොහැකි බව දන්වා ඇත. එසේම ඉන්දියාවෙන් අර්තාපල් මෙට්‍රික් ටොන් 200 ලබාගැනීමට කැඳවූ ටෙන්ඩරයට කිසිවකු භාණ්ඩ සැපයීමට ඉදිරිපත්ව නැත.