2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

අප්‍රේල් 03 තෙක් ඇඳිරි නීතිය

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:31 355

දේශපාලන වාර්තාකරු I

කොරෝනා වසංගතය පාලනය වනතුරු අප්‍රේල් මස 03 සිකුරාදා වනතෙක් දිගටම ඇඳිරි නීතිය පවත්වාගෙන යනු ඇති බව රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයෙක් දේශය වෙබ් පුවත් වෙත ප්‍රකාශ කළේය.

අප්‍රේල් මස දෙවැනි සතිය වනවිට මෙරට කොරෝනා ව්‍යාප්තිය උච්ඡස්ථානයකට පත්වීමට ඉඩ ඇතැයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද රජයට අනතුරු අඟවා තිබේ.

එම තත්ත්වයද සැලකිල්ලට ගෙන දිවයින කලාප දෙකකට බෙදා ඇඳිරි නීතිය පවත්වාගෙන යනු ලැබේ. කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික්ක තුනත් බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත් දැඩි අවදානම සහිත රතු කලාපයක් ලෙස රජය දැනටමත් නම්කර තිබේ. කළුතර දිසාවේ සංචාරක හෝටල්වල සංචාරකයන් 850ක් පමණ මේ වනවිට රැඳී සිටින අතර ඒ අයගෙන් සෑහෙන පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

කොරෝනා ආසාදිත ස්විට්සර්ලන්ත පූජකවරයකු පැමිණ යාපනයේ පැවැත්වූ ආගමික මෙහෙයකට සහභාගී වූවන් වැඩිපුරම වාසය කරන යාපනය උඩුවිල්හි තාවඩි ගම්මානය සහමුලින්ම වසා දමා උතුරේ රෝග ව්‍යාප්තිය පාලනයට රජය දැඩි පියවර ගෙන ඇතැයි උතුරැ පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.