2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

රට පාලනයට සීමිත රජයක්

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 490

I දේශපාලන වාර්තාකරු

මෙරට ආපදා කළමනාකරණ ඉතිහාසයේ පළමුවරට ලබන සතියේ සිට කොරෝනා වසංගතය පාලනය වනතුරු “සීමිත රජයක්” පවත්වාගෙන යාම සඳහා ආණ්ඩුව පියවර ගනිමින් සිටින බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

රටේ අත්‍යවශ්‍යම සේවාවන් පවත්වාගෙන යාමට ප්‍රමුඛතාව දෙමින් ඉතාම සුළු සේවකයන් ගණනාවක් සේවයට කැඳවීම මෙහි මූලික සැලසුමයි. එසේම අත්‍යවශ්‍ය සේවා සපයන දෙපාර්තමේන්තු හා සංස්ථා, මණ්ඩල හැර සෙසු ආයතන බොහෝ මහජන සේවා කටයුතු කල් දැමෙනු ඇතැයි සඳහන් වෙයි. විශේෂයෙන්ම රාජ්‍ය සේවාවන් ලබාගැනීම පිණිස ජනතාව ඒකරාශී වීම වැළැක්වීම සහ ජනතාවගේ කැමැත්ත මත නිවෙස්වලම රැඳී සිටිමින් සේවය කරන අතර ස්වයං නිරෝධායනයට ලක්වීමට අවකාශ සලසා දීම ද සීමිත රජයක් පවත්වාගෙන යාමේ අරමුණ බව රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයෙක් පැවසීය. මෙම තීරණය අනුව රාජ්‍ය උත්සව සියල්ලද දින නියමයක් නොමැතිව කල් දැමෙයි.

මෙබඳු ව්‍යසනවලදී බොහෝ රටවල් මෙයට පෙර මෙම සීමිත රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කර ඇතැයි ආණ්ඩුව පවසයි.