2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

දඹුල්ලේ සැමන් පරිප්පු තවමත් පැරණි මිලටම

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 18

දේශපාලන වාර්තාකරු I

ඇඳිරි නීතිය මධ්‍යයේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් වෙළෙඳුන් සැමන් පරිප්පු වැනි පාලන මිල නියම කර තිබෙන භාණ්ඩ පැරණි මිලටම අලෙවිකරන බව වාර්තා වෙයි.

පසුගිය සඳුදා ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවේ එහි ඇතැම් වෙළෙඳුන් සැමන් ටින් එකක් අලෙවි කර ඇත්තේ රුපියල් 220/- මිලටය. පරිප්පු කිලෝව අලෙවි කර ඇත්තේ රුපියල් 122/- මිලටය. බොහෝ වෙළෙඳසල්වල සැමන් සහ පරිප්පු නොමැති බව කඩ හිමියන් පාරිභෝගිකයන්ට ප්‍රකාශ කළ බවද වාර්තා විය.

මේ ගැන පාරිභෝගිකයන් ගණනාවක් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කළ බවද අප වාර්තාකරැවෝ පවසති.