2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

චීනයෙන් ලැබුණු බිලියන 925 සංචිතයට

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 30

I ව්‍යාපාරික වාර්තාකරු

චීන රජයෙන් ආණ්ඩුවට ලැබුණු රුපියල් බිලියන 925 සහන ණය ආධාරය මෙරට මුදල් සංචිතය ශක්තිමත් කිරීමට යෙදවෙනු ඇති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

දැනට දිගින් දිගටම අවප්‍රමාණය වන රුපියලේ අගය යම් තරමකින් ආරක්ෂා කර ගැනීමටත් ඉදිරියේ දී ගෙවීමට තිබෙන හදිසි විදේශ ණය මුදල් පියවීමටත් එම මුදල උපයෝගී කර ගැනෙන බව වැඩිදුරටත් වාර්තා වෙයි. තවදුරටත් රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා වාහන ඇතුළු ආනයන සඳහා ණයවර ලිපි විවෘත කිරීම තාවකාලිකව අත්හිටුවීමට ද රජය තීන්දු කර තිබේ. රුපියල අවප්‍රමාණය වුවහොත් ආනයනික භාණ්ඩ මිල ගණන් ඉහළ යන බැවින් ඒ සඳහා තවත් දැඩි තීරණ ගැනීමට රජය අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යංශය පවසයි.