2017 මාර්තු 25 වන සෙනසුරාදා

විමල් - ගීතා බේරගන්න බර පොදු විපක්ෂයේ කරට

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 399

| සංජීවිකා සමරතුංග

බරපතළ නීති ප්‍රශ්නවලට මුහුණ දී සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් දෙපොළක් වන විමල් වීරවංශ හා ගීතා කුමාරසිංහ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රශ්න සඳහා මැදිහත්ව ඔවුන්ට අවශ්‍ය නීතිමය සහන සැලසීමට ඒකාබද්ධ විපක්ෂය විශේෂ කමිටුවක් පත්කර ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ වාසුදේව නානායක්කාර, මහින්දානන්ද අලුත්ගමගේ, උදය ගම්මන්පිල, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක සහ විමලවීර දිසානායක යන මන්ත්‍රීවරු මෙම කමිටුවට ඇතුළත් වෙති.

මෙම කමිටුවේ මෙහෙයවීම පරිදි විමල් වීරවංශ මන්ත්‍රීවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමේ සිද්ධිය ගැන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත්, කතානායක කරූ ජයසූරිය මහතාටත් දැනටමත් කරුණු දක්වා ඇත. ජනාධිපතිවරයාත් කතානායකවරයාත් මේ ගැන රජයේ නීතිපතිවරයා සමඟ සාකච්ඡා කොට කඩිනමින් විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බව හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01