2017 මාර්තු 25 වන සෙනසුරාදා

සංචාරක හෝටල් බදු දැලේ හිරවෙලා

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 153

| සංජීවිකා  සමරතුංග

පසුගිය අයවැයෙන් පනවා ඇති අධික බදු නිසා සංචාරක හෝටල් බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි මෙරට හෝටල් ව්‍යාපාර පවත්වන්නන්ගේ සංගමය රජයට දැනුම් දී ඇත. සංචාරක හෝටල් වෙත 2017 අයවැයෙන් පැනවූ නව බදු අනුපාත අනුව සියයට හැටක බද්දක් (60) ගෙවීමට හෝටල් හිමියන්ට තිබෙන බව නම් සඳහන් කිරීමට අකමැති හෝටල් හිමියන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය. 

මේ ආකාරයෙන් පැනවෙන අධික බදු බර පාරිභෝගිකයා මත පැටවෙන නිසා තම ව්‍යාපාර බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බැවින් වහා සහන නොදුන්නොත් නව හෝටල් ව්‍යාපාර ඇරඹීම කිසිසේත්ම කළ නොහැකි බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.