2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

හිරේ ඉන්න හමුදාවේ හතරකට ජනපති සමාව

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 603

I අධිකරණ වාර්තාකරු

උතුරේ මානුෂික මෙහෙයුම අවසාන භාගයේ සිදුවූ සිදුවීම් දෙකකට සම්බන්ධ බවට චෝදනා කරමින් අධිකරණයේ වරදකරු කර සිරගත කර සිටින හමුදා නිලධාරියකුට සහ සෙබළුන් තිදෙනකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට නියමිතව ඇතැයි අලුත්කඩේ නීති අංශ ආරංචි මාර්ග කියයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක 34 යටතේ ජනාධිපතිවරයාට පැවරී තිබෙන වරදකරුවන්ට සමාව දීමේ බලය ප්‍රකාරව ක්‍රියා කරමින් මෙකී සමාව ප්‍රදානය කරන බව වැඩිදුරටත් වාර්තා වේ.

කොළඹ සහ ත්‍රිකුණාමලය මහාධිකරණයේ විභාග වූ නඩු දෙකකට අදාළව මෙම හමුදා සෙබළුන් සහ හමුදා නිලධාරියා වරදකරුවන් වී දැනට සිරදඬුවම් විඳිමින් සිටිති. මේ සිව් දෙනාම මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කළ තැනැත්තන් බවද වාර්තා වේ. මොවුන්ට ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර ඇති ජනපතිවරයා එසේ සමාව ලබාදීමට ඇති හැකියාව පිළිබඳව මෙකී නඩු විභාග සිදුකළ මහාධිකරණ විනිසුරුවරු තිදෙනාගෙන් විධිමත් වාර්තා ලබාගැනීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බව මහාධිකරණ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01