2017 මාර්තු 25 වන සෙනසුරාදා

බිලියන 217ක සල්ලි අලුතින් ගහලා

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

| යසවර්ධන රුද්රිගු

2017 වසරේ ජනවාරි 01දා සිය මාර්තු 17 දක්වා වන මාස දෙක හමාරක පමණ කාලය තුළ ආණ්ඩුව අලුතින් රුපියල් බිලියන 217ක මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාව අනුව දැක්වේ.
මේ වනවිට රජයේ වියදම ආදායමට ඔරොත්තු නොදෙන ලෙස වැඩිව ඇති අතර රාජ්‍ය සහ විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ දීමනා ගෙවීමට මෙන්ම අමාත්‍ය මණ්ඩලය සඳහා පසුගියදා අනුමත කළ විශේෂ දීමනා ආදිය නිසා විශාල වියදමක් අතිරේක වශයෙන් දැරීමට රජයට සිදුව ඇත. භාණ්ඩාගාර බිල්පත්වල පොලිය ඉහළ යාම නිසා දේශීය වෙළෙඳපොළ තුළ පොලී අනුපාතය ඉහළ යාම පාලනය කිරීම සඳහා දැනට ඇති එකම විකල්පය වශයෙන් රටට ඔරොත්තු නොදෙන ආකාරයේ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට රජය පෙළඹී තිබෙන බව දැනගන්නට තිබේ.
 

කෙසේ නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ නම සඳහන් කිරීමට අකමැති ප්‍රකාශකයකු පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුව අලුතින් මුදල් නෝට්ටු නිකුත් කිරීමේ අනුමත ක්‍රමවේදයක් ඇති අතර එයට පිටින් නෝට්ටු මුද්‍රණයක් සිදු නොකරන බවය.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00