2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

මත්තල ගුවන්තොට කාටවත් දෙන්නෙ නෑ - මහින්ද මෝදිට කියලා

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 178

I දේශපාලන වාර්තාකරු

පසුගිය රජය යෝජනා කර තිබූ ආකාරයට මත්තල  මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දියාවට හෝ වෙනත් රටකට පැවරීමේ අදහසක් නැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට දැන්වීය.

වත්මන් රජයේ ප්‍රතිපත්තිය රාජ්‍ය සම්පත් අන්සතු කිරීම නොවන බව පවසා ඇති අග්‍රාමාත්‍යවරයා වත්මන් රජය පෞද්ගලිකකරණයද ප්‍රතික්ෂේප කරන්නේ යැයි කීය. පසුගිය රජය කාලයේ මත්තල ගුවන්තොටුපොළ රැක ගැනීමේ සටනට ගොස් සිය පක්ෂයේ මන්ත්‍රීන් ගණනාවකට සිරගත වන්නටද සිදුවූ බව පවසා ඇති රාජපක්ෂ මහතා මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවද ඉන්දීය නායකයාට දැන්වීය. එහිදී අගමැති මෝදි මහතාත් විදේශ අමාත්‍ය ජයශංකර් මහතාත් මත්තල ඉතා හොඳ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස සංවර්ධනය කිරීමට නව ගුවන් සේවා කැඳවා ගැනීම අත්‍යවශ්‍ය බව පෙන්වා දී තිබේ.