2017 මාර්තු 25 වන සෙනසුරාදා

පක්ෂ ලේකම්ලාගේ විශේෂ රැස්වීමක්

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

| ගයාන් ගාල්ලගේ

දිනෙන් දින මැතිවරණ කල්යාම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ලබන 29 වැනිදා කැඳවා තිබේ. මේ රැස්වීම සඳහා පක්ෂවල සිටින නිත්‍ය නියෝජිතයන්ද කැඳවා ඇති අතර මෙම සාකච්ඡාවේදී මැතිවරණ කල්යාමත්, ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ගත් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

එම සාකච්ඡාවෙන් අනතුරුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ තීන්දු තීරණ ගණනාවක් ගැනීමටද නියමිතව ඇතැයි සඳහන් වේ. මෙම රැස්වීම පිළිබඳව අදාළ පක්ෂවල ලේකම්වරුන්ට සහ නිත්‍ය නියෝජිතයන්ටද මේ වනවිට කොමිසම මගින් දැනුම් දී තිබේ.