2017 මාර්තු 25 වන සෙනසුරාදා

මර්වින් තරුණයන්ට පක්ෂයක් හදයි

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

| නුවන් හෙට්ටිආරච්චි

ළඟදීම තරුණ තරුණියන් වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට සියලුම සැලසුම් සකස්කොට ඇතැයි හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා කියයි.

කල් ඉකුත් වූ පැරුණි දේශපාලකයන් දේශපාලනයෙන් ඉවත්කර තරුණ පිරිසට ඒ අවස්ථාව ලබාදීම තම පක්ෂය පිහිටුවීමේ අරමුණ බව ඔහු දේශය සමඟ කළ සාකච්ඡාවකදී වැඩිදුරටත් කීය. දැනට දේශපාලනයේ නියුතුව සිටින බොරැ දත්, බොරු කොණ්ඩ සහ කොණ්ඩ ඩයි කරන ලද වයසක දේශපාලනඥයන් අත ඇති බලය තරැණයන්ට පැවරීමෙන් නව බලවේගයක් ගොඩනැගෙන බව ඔහු සඳහන් කළේය.