2020 ජනවාරි 25 වන සෙනසුරාදා

හඬපට පළහිලව්ව : අගවිනිසුරුගෙන් පොලීසියට නියමයක්

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 1033

I අධිකරණ වාර්තාකරු

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ දුරකතන සංවාද පැවැත්වූ තවත් විනිසුරුවරුන් ඇත්නම් වහාම ඔවුන් ගැන අගවිනිසුරුවරයා ප්‍රමුඛ අධිකරණ සේවා කොමිසමට වාර්තා කරන්නැයි අධිකරණ සේවා කොමිසම වැඩ බලන පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

එම විශේෂ ලිපිය මගින් අධිකරණ සේවා කොමිසම වැඩිදුරටත් කියා ඇත්තේ රන්ජන් සමඟ සංවාද පැවැත්වූ විනිසුරුවරුන් පමණක් නොව ඔහු වෙනත් අය සමඟ පවත්වන ලද සංවාදවලදී අධිකරණ විනිසුරුවරුන් ගැන යම් යම් ප්‍රකාශ සිදුකර තිබේ නම් ඒවා සම්බන්ධවද විශේෂ වාර්තාවක් සපයන ලෙසය.

අධිකරණ සේවා කොමිසම මෙම ලිපිය යැවීමෙන් පසු ඊට ක්ෂණිකව ප්‍රතිචාර දක්වා ඇති වැඩබලන පොලිස්පතිවරයා දැනට මෙම හඬපට රජයේ රස පරීක්ෂකවරයා වෙත මූලික පරීක්ෂාවක් සඳහා යවා ඇති බව සඳහන් කර තිබේ. ඒ හඬපට සහ ඊට අදාළ වාර්තා තමන් වෙත ලැබුණු වහාම අදාළ තොරතුරු සැපයිය හැකි බව පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.

තමන්ගේ හඬපට සම්බන්ධව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා එම හඬපටවල තවත් අධිකරණ විනිසුරුවරුන්ගේ පමණක් නොව හිටපු අගවිනිසුරුවරුන්ගේ සංවාද ද ඇතුළත් බව හෙළිදරව් කළේය. එයින් කොටසක් මැතිසබයේ සභාගත කළ බවද ඔහු පැවසීය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01